National Entrepreneurship Awarding Ceremony

ජාතික ව්‍යවසායකත්ව සම්මාන උළෙල

ජාතික ව්‍යවසායකත්ව සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබාදී ඇතිි ව්‍යවසායකයින් හඳුනාගැනීම, ඇගයීමට ලක්කිරීම සහ දිරිගැන්වීම අරමුණු කරගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලය මගින් ජාතික ව්‍යවසායකත්ව සම්මාන උළෙල පවත්වනු ලබයි. ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන්හි නියැලී සිටින ව්‍යවසායකයින්ට කෘෂි කාර්මික, කර්මාන්ත හා සේවා යන අංශ යටතේ මෙම තරඟයට සහභාගී විය හැක. ප්‍රාදේශීය ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී තෝරාගත් ව්‍යවසායකයින් ද මෙම තරඟයට සහභාගී වෙති. ප්‍රාදේශීය සම්මාන උළෙලේදී මෙන්ම වෘත්තීයමය ප්‍රවීනයන් විනිශ්චය මණ්ඩලයට ඇතුලත් වන අතර, සම්මුඛ සාකච්ඡා සහ ක්ෂේත්‍ර චාරිකා මාලාවකින් අනතුරුව ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ජනාධිපති / අගමැතිගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.