Regional Entrepreneurship Awarding Ceremonie

ප්‍රාදේශීය ව්‍යවසායකත්ව සම්මාන උළෙල

ප්‍රාදේශීය ව්‍යවසායකත්ව සම්මාන උළෙල

වාණිජ මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති ව්‍යවසායකයින් හඳුනාගැනීම, ඇගයීම සහ දිරිගැන්වීම අරමුණු කරගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලය මගින් ප්‍රාදේශීය ව්‍යවසායකත්ව සම්මාන උළෙල පවත්වනු ලබයි.  ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන්හි නියැලී සිටින ව්‍යවසායකයින්ට කෘෂි කාර්මික, කර්මාන්ත හා සේවා යන අංශ යටතේ මෙම තරඟයට සහභාගී විය හැක. මූලික පරීක්ෂණ ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන නිලධාරීන් විසින් පවත්වනු ලබන අතර, ඉන් පසුව තෝරාගත් අයදුම්  පත්‍ර පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කරනු ලැබේ.   අවසන් වටයන්හි දී ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකා පැවැත්වේ. ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර, ව්‍යවසායකයින් පවත්නා තත්ත්වයෙන් ඉහලට නගා සිටුවීම සඳහා විවිධ කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානය සිදුකෙරේ.